Friday, January 8, 2010

යටාල තිස්ස රජතුමා


අවුරුදු දහස් ගානකට පෙර ලක්දිව දෙවන පෑතිස්ස නම් රජෙක් විය. ඔහු හට මහානාග නම් සහෝදරයෙක් සිටියේ ය. ඒ කුපර තෙමේ යුවරජු තනතුර ද ඉසිලි ය. ඔහු ජීවත් ව සිටියහොත් තම පුතුනුවන් හට රාජ්‍යය නොලැබෙන බව සිතූ දෙවන පෑතිස්ස රජු‍ෙග් බිසව දවසක මී අඹ ලෙන පසෙක බහා ඒ මත්තේ විෂ යෙදූ අඹ තබා භරස්නා නම් වැවක් බදවමින් සිටි යුවරජ හට යැව්වා ය. ඒ දවස් සුළු පියාණන් සමග එහි ගොස් සිටි ඒ බිසවගේ පුත් කුමාරය‍ා එයින් විෂ අඹයක් ගෙන කා ඒ තැන ම කාලකි%යා කලේ ය. යුවරජු තෙමේ මේ ක‍ාරණය දැක සහෝදරයාගේ බිසොව හට භයින් නුවරට නොගොස් තමාගේ බිසවුන් හා බලවාහාන ගෙන්වා ගෙන රුහුණට පලා යන්නට වන අතර මග යටාල නම් විහාරයක දී ඔහුගේ බිසව පුතණු කෙනෙක් වුදුවා ය. මහානාග කුමාරය‍ා ද මේ පුතනුවන් හට තම බෑනන්ගේ නම හා උපන් විහාරයෙහි නම හා දෙක එක් කොට යටාල තිස්ස යැයි නම් තබා එතැනින් ගොස් මාගම වෙසෙමින් රුහුනෙහි රාජ්‍යය කලේ ය.